මුල් පිටුව

          


පරිගණකය කියන්නේ නූතන ලෝකයේ බහුලව භාවිතා වන අත්‍යවශ්‍ය මෙවලමකි. චාල්ස් බැබේජ්ගේ "ඇබකසය" නම් වූ යාන්ත්‍රික ගණක උපකරණෙයෙන් ආරම්භ වූ පරිගණකය, අද වන විට ලෝකයේ බොහෝ දේවල් වෙනස් කරමින් මිනිස් බුද්ධිය හා තරඟ වදිමින් ඉදිරියටම ගමන් කරමින් පවතී. දෛනිකව සිදුකරන බොහෝමයක් දේ තාක්ෂණයෙන් සිදුකිරීමට පවා ඇමරිකාව, ජපානය වැනි තාක්ෂණයෙන් දියුණු රටවල් මේ වන විටත් පියවර ගෙන තිබේ.
    
මෙසේ දිනෙන් දින පරිගණක තාක්ෂණය පිළිබ‍ඳ තොරතුරු යාවත්කාලීන වන බව ඔබ අප කවුරුත් හොඳින්ම දන්නා කරුනකි. එසේම එය නොනවත්වාම ඉදිරියට ඇදී යන ක්‍රියා වලියක් බවද අපි දනිමු.
     
එසේනම් අනාගත වැඩ ලෝකය සඳහා සූදානම් වන අප සියළු දෙනාටම පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම අනිවාර්යය අංගයක් වනු නොඅනුමානය. 
       
මෙවන් පරිසරයක් තුළ මා මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට පෙළඹුනේ, පරිගණක තාක්ෂණය පිළිබඳව දැනුම සොයන මගේම මිතුරු මිතුරියන් වෙනුවෙන් සුළුවෙන් හෝ යම් කිසි දැනුමක් එකතු කිරීමේ අරමුණ ඇතිවය. මේ තුලින් ඔබ සුළුවෙන් හෝ යම් දැනුමක් ලබා ගන්නේ නම් ඒ තුළින් මා ඉමහත් සතුටක් ලබන්නෙමි.



එහෙනම් මිතුරු මිතුරියනි පිළිගන්නවා සියළු දෙනාම ''පරිගණක ලෝකයට''