නිදහස් අන්තර්ජාලය

වෙබ් ලිපිනයක් කැමති භාෂාවකින් ලබා ගැනීමට පහසුකම් සැලසෙයි.

                       2012 වර්ෂය වන විට කෝටි 200 ක් පමණ වෙබ් අඩවි අන්තර් ජාලය තුල දක්නට ලැබිණ. එම වෙබ් අඩවි තුල දක්නට ලැබුණු ලක්ෂණයක් වූයේ ඒවායේ ඩොමේන් නාම කිහිපයක් තුල පමණක් පිහිටීමයි. මේ වන විට ප්‍රධාන මට්ටමේ (TLD - Top Level Domain) ඩොමේන් නාම 280 පැවති අතර ඉන් 248ක් විවිධ රටවලට ලබා දි තිබුණි. 
            උදා :- ශ්‍රී ලංකාව  .lk/ ඉන්දියාව   .in
                          ආයතන  හා සේවා සඳහා ඩොමේන් නාම 20 ක් ලබා දී පැවති අතර පර්යේෂණ සඳහා 11 කි. මෙම ඩොමේන් නාම පරිපාලකයා වන්නේ ඇමරිකානු ‍පෞද්ගලික ආයතනයක් වන අයිකෑන් (ICANN) ආයතනයයි. ඒවා මෙහෙය වනු ලබන්නේ අයනා (IANA) නම් ආයතන යයි. 
   2012 ජනවාරි 12 වන දින පටන් ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට තම වෙබ් ලිපියේ අවසන් වචනය එසේත් නැතිනම් ඩෙමේන් නාමය ලෙස තමන් කැමති ඕනෑම වචනයක් යොදා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත. මෙහි ප්‍රථිඵලයක් ලෙස අන්තර් ජාලය තුල ඩොමේන් නාම විශාල ප්‍රමාණයක් බිහි විය.
             2010 වර්ෂයේ මැයි මාසය වන තෙක්ම වෙබ් ලිපින ලියවුණේ ඉංග්‍රීසි හා ලතින් අක්ෂර භාවිතයෙනි. 2010 වසරේ මැයි මස මෙම නීතිය ඉවත් කිරීමත් සමඟ ස්වභාෂාවෙන් වෙබ් ලිපින නිර්මණය විය. ලංකාවට lk වෙනුවට ''ලංකා'' යන නාමය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවිය. පළමු ස්වභාෂා ඩොමේන් ලිපිනය හිමිකරුවා වූයේ ඊජිප්තු සංනිවේදන අමාත්‍යාංශය යි. අයිකෑන් අයතනය ගත් මෙම වැදගත් තීරණය නිසා වර්ථමානය වන විට ස්වභාෂා වෙබ් ලිපින විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුල දක්නට ලැබේ.